Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th September 2018 21:19:55 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු යුද්ධ හමුදා භටපිරිස් වෙත නිරෝගිමත් පරිසර හිතකාමි අවිහිංසාවාදි සාමාජයක් උදෙසා යන තේමාව යටතේ දේශණයක් පැවැත්විම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ සංකල්පයක් මත 652 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්දගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ‍ප්‍රදේශයේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමජිකයින් සහ සිවිල් සේවක මහතුන් සඳහා නිරෝගිමත් පරිසර හිතකාමි අවිහිංසාවාදි සාමාජයක් උදෙසාˮ යන තේමාව යටතේ දේශණයක් නෙළුම්පියස ශ්ර වණාගාරයේදි 2018.09.16 වන දින පවත්වන ලදි.

ශිර්ෂගත දේශණය සඳහා නිලධාරින් 55 දෙනෙකු ඇතුළු සෙසුනිළයින් 945 ක් සහ සිවිල් සේවක මහතුන් 100 දෙනෙකු සහභාගිවු අතර, මෙම හරවත් දේශණය පවත්වන ලදි. මෙම දේශණයේ උපදේශක කටයුතු අවිහිංසාවාදි සංවිධානයේ සභාපති දේශමාන්‍ය, නිහාල් විජේරත්න මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටින ආනන්ද මාහින්කන්ද මහාතා dharma voices for animals (සතුන් සඳහා දහම් හඬ) ආයතනයේ සභාපති විසින් මෙම හරවත් දේශණය පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම සහභාගිවු අතර, දේශමාන්‍ය නිහාල් විජේරත්න මහතා ශ්‍රි ලංකා අවිහිංසාවාදි මහා සංගමයේ සභාපති, කැලිෆෝනියා ප්‍රානන්තයේ සතුන් සදහා දහම් හඩ ආයතනයේ සභාපති ආනන්ද මාහින්කන්ද මහතා, ශ්‍රි ලංකා සතුන් සදහා දහම් හඩ ආයතනය කේශිනි බණ්ඩාරනායක ක්‍රියාකාරි අධ්‍යක්‍ෂිකා ඇතුළු එම කාර්ය්‍ය මණ්ඩලය සහ ආරක්ෂ ක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් චන්න විරසුරිය, බළසේනාධිපතිවරුන්,ජ්‍යෙෂඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ඇතුළු සිවිල් සේවක මහතුන් මෙම දේශණය සදහා සහභාගිවන ලදි.