Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th March 2021 14:54:19 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මාස් ඉන්ටිමේටිස් වීඩියල් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සංචාරයක

මාස් ඉන්ටිමේටිස් වීඩියල් (MAS Intimates Vidiyal) ඇගලුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වයේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ 2021 මාර්තු මස 22 වන දින ඇගළුම් කර්මාන්ත ශාලාවේ සංචාරයක නිරත විය.

දමිළ සිරිත් විරිත් වලට අනුව ඇගලුම් කර්මාන්ත ශාලාවේ අතිරේක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උදාර විජේසූරිය මහතා විසින් ආඥාපතිව පිළිගනු ලැබීය. මෙහිදි ආඥාපති ඇගලුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය සමග කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබාදීමේ ඇති හැකියාව පිළිබඳව මෙන්ම රාත්‍රී කාලයේ රුකියාවේ නියුතු සේවක සේවිකාවන්ගේ ආරක්‍ෂාව සඳහා කර්මාන්ත ශාලාව ගෙන ඇති ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව සාකචිජා කරන ලදි. මෙහිදි ආඥාපති කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සමග සුහද පිළිසඳරකද නිරත විය.

මෙම සංචාරයට ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරල් පියල් නානායක්කාරවසම්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.