Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th March 2021 10:10:37 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති 66 වන පාබල සේනාංකයේ නිළ සංචාරයක

මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරී භාර ගැනීමෙන් පසු 66 වන පාබල සේනාංකයේ සිය ප්‍රථම නිළ සංචාරය 2021.03.15 වන දින සිදු කරන ලදී.

66 වන පාබල සේනාංකය වෙත පැමිනි ආඥාපතිව 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක විසින් ඉතා උනුසුම්ව පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරයද ආඥාපති වෙත පිරිනමන ලදි.

මෙම සංචාරය සිහිවීම පිනිස 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු මාන්ඩලික නිළධාරින් සහ අණදෙන නිළධාරින් සමග ආඥාපති සමුහ ජායාරූපයකට පෙනි සිටියේය. ඉන් අනතුරුව සේනාංකාධිපති විසින් සේනාංකයේ මෙහෙයුම්, පරිපාලනය සහ සැපයුම් පිළිබඳව ආඥාපතිව දැනුවත් කරන ලදි.

මෙම සංචාරයේදි භඨපිරිස් ඇමතීමද සිදු කළ ආඥාපති කැපවීමෙන් සහ උනන්දුවෙන් රාජකාරි ඉටු කිරිමේ ඇති වැදගත්කම අවධාරණය කළයේ. යුද්ධ හමුදා සෙබළුන් වශයෙන් ජාතියේ අනාගත ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සදහා සොල්දාදුවන්ගේ විවිධ කාර්යයන් ඉටු කිරිමේ කුසලතා වර්ධනය කිරිම සදහා නිරන්තර පුහුණුව තුල ඇති වැදගත්කම මෙහිදි ආඥාපති විසින් වැඩිදුරටත් අවධාරණය කළේය. පසුව ආඥාපති අලිමංකඩ ස්ථාපිත ගාමිනි කුලරත්න රණවිරු ස්මාරකයේද සංචාරයක නිරත විය.

මෙම නිළ සංචාරය සංකේතවත් කිරිම සදහා පැළයක් රෝපනය කිරිම සහ සමරු පොතෙහි සටහනක් තැබීමද ආඥාපති විසින් සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා බළසේනාධිපති වරුන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි මාණ්ඩලික නිළධාරින්, 66 වන සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් සහභාගිවිය.