Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2021 12:44:35 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති 571 වන පාබල බළසේනාවේ නිළ සංචාරයක

මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරී භාර ගැනීමෙන් පසු 571 වන පාබල බළසේනාවේ සහ එහි අණදෙන ඒකක වෙත සිය නිළ සංචාරය සිදු කිරිම 2021.03.03 වන දින සිදු කරන ලදී.

571 වන පාබල බළසේනාව වෙත පැමිනි ආඥාපතිව 571 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර විසින් ඉතා උනුසුම්ව පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරයද ආඥාපති වෙත පිරිනමන ලදි.

බළසේනාධිපතිගේ ආරාධනාව මත ආඥාපති විසින් බළසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිමද සිදු කල අතර ඉන් අනතුරුව බළසේනාධිපති සහ ඒකක අණදෙන නිළධාරින් විසින් මෙහෙයුම් සහ පරිපාලනය කාර්යභාර්ය පිළිබඳව සවිස්තරාත්මකව ආඥාපතිව දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව ආඥාපති 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව සහ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව යන ඒකක වල සංචාරයේ නිරතවු අතර මෙහිදි ඒකක බුද්ධි නිළධාරින් විසින් ඔවුන්ගේ වගකීම සහ බුද්ධිමය හැකියාවන් පිළිබඳව ආඥාපතිහට විස්තර කරන ලදි.

මෙම නිළ සංචාරය සංකේතවත් කිරිම සදහා ඒකක මුලස්ථාන පරිශ්‍රයන් තුල පැළ රෝපනය කිරිමද ආඥාපති විසින් සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙස්ථ මාණ්ඩලික නිළධාරින්, 57 වන සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් සහභාගිවිය.