Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2021 12:35:29 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති 57 වන පාබල සේනාංකයේ නිළ සංචාරයක

මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරී භාර ගැනීමෙන් පසු 57 වන පාබල සේනාංකයේ සිය ප්‍රථම නිළ සංචාරය 2021.03.01 වන දින සිදු කරන ලදී.

57 වන පාබල සේනාංකය වෙත පැමිනි ආඥාපතිව 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන විසින් ඉතා උනුසුම්ව පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරයද ආඥාපති වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාව සිහිවීම පිනිස ආඥාපති විසින් සේනාංක පරිශ්‍රයේ පැලයක් රෝපනය කිරිමද සිදු කල අතර ඉන් අනතුරුව සේනාංකාධිපති විසින් සේනාංකයේ මෙහෙයුම්, පරිපාලනය සහ සැපයුම් පිළිබඳව ආඥාපතිව දැනුවත් කල අතර මෙහිදි ආඥාපති 57 වන පාබළ සේනාංකයේ කාර්යමණ්ඩලය සමග සමුහ ජායාරූපයකටද පෙනි සිටින ලදි.

මෙම සංචාරයේදි භඨපිරිස් ඇමතීමද සිදු කළ ආඥාපති රාජකාරි සිදු කිරිමේදි කැපවීමෙන් සහ උනන්දුවෙන් ඉටු කිරිමේ වැදගත්කම අවධාරණය කළයේ. යුද්ධ හමුදා සෙබළුන් වශයෙන් අනාගත ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සදහා සොල්දාදුවන්ගේ විවිධ කාර්යයන් ඉටු කිරිමේ කුසලතා වර්ධනය කිරිම සදහා නිරන්තර පුහුණුව තුල ඇති වැදගත්කම මෙහිදි ආඥාපති විසින් අවධාරණය කළේය. පසුව ආඥාපති 57 වන පාබල සේනාංකය වෙතින් පාලනය වන කිළිනොචිචි ස්මාරකය සහ යුද්ධ හමුදා සහයෝග්‍යතා මධ්‍යස්ථානය වෙත ගොස් එම සථානවල සංවර්දන අවශ්‍යතා පිළිබඳ සොයා බලන ලදී.

මෙම අවස්ථාව සදහා බළසේනාධිපති වරුන්, අණදෙන නිළධාරින් සහ 57 වන පාබල සේනාංකයේ කාර්යමණ්ඩලය සහභාගිවන ලදි.