Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th January 2021 12:05:32 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිළිනොචිචි භඨපිරිස් ආගමික චාරිත්‍රව තෛයිපොන්ගල් උලෙළ සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨපිරිස් තෛයිපොන්ගල් උත්සවය ආගමික වත්පිළිවෙත් අනුව කිළිනොචිචි කන්දසාමි කොවිල් පරිශ්‍රයේදි ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මෙජර් ජෙනරාල් සුජිව සෙනරත්යාපාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

වසරේ අස්වැන්න වෙනුවෙන් හින්දු බැතිමතුන්ගේ ආශිර්වාද කිරිමේ මෙම උත්සවය හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් අතර සහයෝගිතාවය වර්ධනය කිරිමේ අරමුණින් 57 වන පාබල සේනාංකය විසින් කෝවිලේ ප්‍රධාන පුජක ජෙගදීශ්වරන් කුරුක්කල් සහ හින්දු ආගමික සම්භාවනීය අමුතන් සමග සහයෝගි තාවයෙන් සිදුකරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනේදි පැමිනණ සිටි බැතිමතුන්ට කිරිබත් බෙදා දීම කිළිනොචිචි ආඥාපතිගේ සහ 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ භට පිරිස් කොවිඩි - 19 වැලැක්වීමේ සෞඛ්‍ය උපදේශයන් අනුගමනය කරමින් සහභාගිවිය.