Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th October 2018 16:20:41 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි බළප්‍රදේශයේ ශක්තිවන්තම බළඇණිය තේරිමේ තරගාවලිය

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු සියළුම බළඇණි අතරින් ශක්තිවන්තම බළඇණිය තේරිමේ තරගාවලියක් 65 වන සේනාංකයේ සංවිධානයෙන් 2018.10.17 වන දින කිලිනොච්චි පරවිපංජාන් ක්‍රිඩාංගණයේදි පවත්වන ලදි.

මෙම තරගාවලිය සදහා කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු ඒකක 34ක් තරඟ වැදුනු අතර, අවසන් මහා තරගාවලිය සඳහා ඒකක 07ක් තෝරාගන්නා ලදි. තරගාවලියේ පහත සඳහන් තරග ඉසව්වලින් සමන්විත වූහ.

අ. මීටර් 100ක් දුර ට්‍රක් රථයක් තල්ලු කිරිම ( වාහනය ක්‍රියාවිරහිතකර)

ආ. වතුර ලීටර් 20 කෑන් 25ක් මීටර් 100ක් දුර රැගෙන යාම

ඇ. මීටර් 100ක දුරක් ටැක්ටර් රෝද 03 පෙරලාගෙන යැම

ඈ. මීටර් 100ක දුරක් 04 දෙනෙකුගේ කරමතින් 05 දෙනෙකු රැගෙන යෑම

ඉ. නව දෙනෙකු විසින් මිටර් 100ක දුරක් සහය දිවිම

ඊ. වැලි කොට්ට 25 ක් (එක් වැලි කොට්ටයක කිලෝ 20) රැගෙනයාම

අවසන් මහා තරඟයේදි බළඇණි අතරින් ශක්තිවන්තම බළඇණිය වශයෙන් ලකුණු 8.974 රැස්කර ගනිමින් 11(සෙව්) ගජබා රෙජිමේන්තුව ශක්තිවන්තම බළඇණියට හිමි කුසළානය හිමිකරගත් අතර, 20 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව විසින් ලකුණු 7.601 හිමිකර ගනිමින් දෙවන ස්ථානය හිමිකරගන්නා ලදි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රධානය කල අතර, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චි) ආඥාපති, 57 සහ 66 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් ,ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී විය.