Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 12:22:00 Hours

ආරක්‍ෂක සේනා කිලිනොච්චියෙහි නව ආඥාපති සිය ධුරයෙහි වැඩ භාරගනී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 16 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ සිය ධූරයෙහි 2021 පෙබරවාරි මස 20 වන දින වැඩ භාර ගන්නා ලදී. මෙහිදී නව ආඥාපතිතුමන් වෙත යුධ හමුදා සම්ප්‍රදානුකූලව කදවුරු සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් 8 වන කාලතුවක්කු රෙජිමේන්තුව විසින් පිරිනමන ලදී.

අනතුරුව සිය කාර්යාලයේදී සෙත් පිරිත් සජ්ඣායණාව මධ්‍යයෙහි නිල ලේඛණ වලට අත්සන් තබමින් සිය ධුරයෙහි වැඩ භාර ගන්නා ලදී. පසුව ආඥපතිතුමන් සමූහ ඡායාරූපයකට එක්වන ලදී. ආඥාපතිතුමන් රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම වස් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට සුදු හදුන් පැලයක් රෝපණය කල අතර, 2021 පෙබරවාරි මස 22 වන දින නව ආඥාපතිතුමන් විසින් ආසේමු (කිලි) හා ඉනපෙ (කිලි) යටතේ ඇති ඒකක වල රාජකාරි කරනු ලබන භට පිරිස් නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී අමතා ඉදිරි රාජකාරි ස්වභාවය ගැන පැහැදිලි කර දෙන ලදී. පසුව නව ආඥාපතිතුමන් සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදී.

මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් ප්‍රමානී, බ්‍රිගේඩියර් පාලන භකාස, ඒකක අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.