Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 12:17:52 Hours

ආරක්‍ෂක සේනා කිලිනොච්චියෙහි 15 වන ආඥාපති සිය ධූරයෙන් නික්ම යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 15 වන ආඥාපති ලෙස රාජකාරී ඉටුකල මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ රාජකාරී කාලසීමාව නිමාවෙන් පසු 2021 පෙබරවාරි මස 20 වන දින සිය ධූරයෙන් නික්ම ගිය අතර, යුද්ධ හමුදාවේ සම්ප්‍රදානුකූලව එතුමන් හට 8 වන කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් ද පිරිනමන ලදී.

තවද ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඉරණමඩු සුභසාදක වෙළදසැල හා ඒ අසල නවීකරණය කරන ලද සුභසාදන ගොඩනැගිලි සංකීර්ණය, අංග සම්පූර්ණ සුවපහසු කාමර හා බීම හලක් ආඥාපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. අනතුරුව ආඥාපතිතුමන් සමූහ ඡායාරූපයකට එක්වන ලදී. ඉන් අනතුරුව සිය කාර්යාලයේදී නිල ලේඛන වලට අත්සන් තබමින් සිය දූරයෙහි රාජකාරී භාරදෙන ලදී.

මෙම අවස්ථාව සදහා 57,66 පාබල සේනාංකාධිපතිවරුන්, ඉනපෙ (කිලි) ආඥාපති, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.