Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd August 2020 10:02:59 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති මෙම මූලස්ථානය යටතේ ඇති ඒකක වන 9 කාඉරෙ සහ 4(සෙව්)ශ්‍රිලයුකාබ ඒකක සංචාරය

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩිසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි භාර ගැනිමෙන් පසු තම දෙවන සංචාරය ලෙස මෙම මූලස්ථානය යටතේ ඇති ඒකක වන 9 කාඉරෙ සහ 4(සෙව්)ශ්‍රිලයුකාබ යන ඒකක වෙත 2020.08.01 වන දින සංචාරය කරන ලදි.

ඒ අනුව ප්‍රථමයෙන් 4(සෙව්)ශ්‍රිලයුකාබ ඒකකයේ සංචාරයේ නිරත වු අතර, එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්එස්පි සිල්වා ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් කිලිනොච්චි ආඥාපති තුමන්ව පිලිගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිලිගන්වන ලදි. අනතුරුව අණදෙන නිලධාරි විසින් බළඇණියේ පරිපාලන කටයුතු, මෙහෙයුම් සහ සැපයුම් අංශ පිළිබඳ ඉදිරිපත් කිරිමක් සිදුකරන ලදි. පසුව ආඥාපති තුමන් කඳවුරෙහි සංචාරය කරන ලදි.

4(සෙව්)ශ්‍රිලයුකාබ ඒකකයේ සංවාරයේ නිමාවෙන් පසු කිලිනොච්චි ආඥාපති තුමන් 9 වන කාරක ඉංජිනේරු බළකාය වෙත සංචාරය කරන ලදි. යුද්ධ හමුදාවේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් 9 වන කාරක ඉංජිනේරු බළකායේ අණදෙන නිලධාරි මේජර් ජීඒඩි අල්විස් ආර්එස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආඥාපති තුමන්ව සාදරයෙන් පිළිගත් අතර පසුව බළඇණිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම් හා පරිපාලනමය කාර්යයන් සඳහා අණදෙන නිලධාරි විසින් ඉදිරිපත් කරන ලද සවිස්තාරාත්මක විස්තරය පිළිබඳව ආඥාපති තුමන් අවධානය යොමුකර අවසානයේදි කඳවුරු භූමියට සංචාරය කරන ලදි.

තවද, කිලිනොච්චි ආඥාපති තුමන් විසින් මෙම සංචාරයේදි මෙම ඒකක වල රාජකාරියෙහි නියුතු නි/සෙසුනිලයින් ඇමතු අතර, එහිදි ජාතික ආරක්‍ෂාව ඉටුකිරිමේදී මෙම ප්‍රදේශයේ භට පිරිස් වලට මුහුනපෑමට සිදුවන අභියෝග සහ එහිදී ක්‍රියාකලයුතු ආකාරය සිහිපත් කරන ලද අතර, එම කටයුතු කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කම සහ සෙබල සෙබලියන් ලෙස නිරන්තර පුහුණුව ලැබිම තුළින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම සංචාරය සනිටුහන් කිරිම වස් ආඥාපති තුමන් විසින් එම ස්ථානයන් හිදි රුක් රෝපණයක් සිදුකර සමරු පොතෙහි සටහනක්ද තබන ලදී.