Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st May 2019 16:01:25 Hours

ආරක්ෂාව සම්බන්ධව මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්චාක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි විසින් කිලිනොච්චි ප්‍රදේශයේ සියලු ඉස්ලාමීය ආගමික නායකයින් සමඟ සංවාදයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්වු අතර, එහිදි දැනට රටේ පවත්නා තත්ත්වය පිළිබඳ ඔවුන් එයට මුහුණ දියයුතු ආකාරය, එයට සහය දිය යුතු ආකාරය යුද්ධ හමුදාව හා පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබදව මෙම අවස්ථාවේදි සාකච්චා කරන ලදි.

තවද, රාමසාන් මංගල්‍ය අවස්ථාවේදි ඉදිරි ආරක්‍ෂාව සලසා ඇති බවද එම උත්සව අවස්ථාව සාර්ථකව පැවැත්විම සඳහා යුද්ධ හමුදාව සහ පොලිසිය විසින් සහාය ලබා දෙනු ලබන බැව් දන්වා සිටින ලදි.

තවද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මෙහෙයුම් හේතුවෙන් මුස්ලිම් සමාජය අපහසුතාවයට පත් නොකරන බව ආඥාපතිවරයා විසින් ඉස්ලාම් ආගමික නායකයින් දැනුම් දුන් අතර, මුස්ලිම් ගම්මානවල ආරක්‍ෂාව සදහා ආරක්‍ෂක ක්‍රියාමාර්ග ලබාගෙන ඇති බැව් වැඩි දුරටත් පැවසිය.

තවද, ඉස්ලාමීය ආගමික නායකයින් ප්‍රදේශය තුළ ආරක්‍ෂාව සැපයීම පිලිබදව සමස්ථ යුද්ධ හමුදාවම අගය කළ අතර, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගිවන ලදි.