Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd February 2018 13:01:31 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි විසින් ආතතිය, කළමණාකරනය සහ රසවිදිම පිලිබද සෙබලුන් දැනුවත් කිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයකට අනුව යුධ හමුදා සෙබළ බෙළියන්ගේ ධනාත්මක ආකල්ප වර්ධණය කිරිමේ අරමුණින් යුතුව යුධ හමුදා සාමාජිකයින්ගේ ආතතිය, කළමණාකරනය සහ රසවිදිම යන මැයෙන් දැනුවත් කිරිමේ දේශණයක් 2018.02.01 වන දින නෙලුම්පියස ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

මෙහිදි මෙම මුල ආඥාපති තුමාගේ ආරාධනයකට අනුව සමෘද්ධි සංවර්ධණ දෙපාර්තුමේන්තුවේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කරනු ලබන ම‍නෝවෛද්‍ය වජිරා අනෝමා කුමාරි දිසානායක මහත්මිය විසින් මෙම දේශණය අධියර දෙකක් යටතේ පැවැත්වු අතර, පළමු අධියර ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ඇතුලුව යටතේ පාලනය වන ඒකකයන්, 66 වන සේනාංකය හා , ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොචීචි සදහා පැවැත්වු අතර ඒ සදහා නිළධාරි 28ක් සහ සෙසු නිළයින් 1063ක් සහභාගි වන ලදි. තවද දෙවන අධියර 57,65 සේනාංක සදහා පවත්වන ලද අතර ඒ සදහා නිළධාරි 33ක් සහ සෙසු නිළයින් 857 සහභාගි විය.

ආතතිය, කළමණාකරනය සහ රසවිදිමට හේතුවන කරුණූ කාරණා පිලිබදව දිර්ඝ දේශණයක් තුලින් පැමිණ සිටි සියලු යුධ හමුදා සාමාජිකයින් දැනුවත් කරනු ලැබු අතර, මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනාව කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාන්, මෙම මුල බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් කුමාර හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිළධාරින් / නිළධාරින් මෙම දේශණය සදහා සහභාගිවන ලදි.