Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th April 2018 23:43:00 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි නව ආඥාපති ධුරයේ රාජකාරි භාරගැනිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන 2018.04.18 වන දින රාජකාරි භාරගන්නා ලදි.

නව ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව 24 ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, කඳවුරු සම්මාන පෙළපාළිය 3 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පිරිනමන ලදි.

ආඥාපති තුමන් සිය කාර්යාලයේදි පොල්තෙල් පහන දල්වා සර්ව ආගමික පුජ්‍ය පක්ෂයේ ආශිර්වාද මධ්‍යයේ ලිපි ලේඛණ වලට අත්සන් තබමින් සිය කාර්යාලයේදි නිළ වශයෙන් නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

ආඥාපති විසින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම සනිටුවහන් කිරිම සඳහා කාර්යාල පරිශ්‍රරියේදි සුදු හදුන් පැළයක් රෝපණය කර නිළධාරි නිවස්නයේදි පැවති තේපැන් සංග්‍රහයෙන් පසුව සියළුම ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සමග සාකච්ඡාවක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂරක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ රාජකාරි නියුතු 57, 65 හා 66 සේනාංකවල සේනාංකාධිපති තුමන්ලා, ඉනපෙ (කිලි) ආඥාපතිතුමන්, බළසේනාධිපති වරුන් ඇතුළු ඒකක අණදෙන නිළධාරින්, සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.