Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th January 2021 10:28:30 Hours

ආනවිලන්දන්කුලම් සිසුන්ට නත්තල් උත්සවය වෙනුවෙන් පාසල් උපකරණ

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ගේ උපදෙස් පරිදි 662 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් පිආර් පතිරවිතාන පිඑස්සිගේ මගපෙන්විම මත 20 (සෙවි) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි එස්ජේජිඒඑම් සුභසිංහ ආර්ඩබ්ලිව්පිගේ ප්‍රධානත්වයෙන් නත්තල් උත්සවයේ සැබෑ අර්ථය ඉස්මතු කරමින් 2020 දෙසැම්බර් මස 25 වන දින ආනවිලන්දන්කුලම් දේවස්ථානයේදි පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.

ප්‍රදේශයේ පාසල් සිසුන් සදහා පාසල් භාණ්ඩ ඇසුරැම් 39 ක් ප්‍රධානය කළ අතර මෙවර පස්වන ශේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් දරුවෙකුට විශේෂ ත්‍යාගයක් පිරිනමන ලදි. මෙම අවස්ථාව සදහා 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස්, 662 පාබල බළසේනාවේ බළසේනා මේජර්, අක්කරායන්කුලම් පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක ජෙඒඑන් ජයකොඩ් සහ සිවිල් වැසියන් 60 දෙනෙකු සහභාගි විය. කරච්ච් ප්‍රදේශිය සෟඛ්‍ය සේවා කාර්යාලයේ පුර්ණ අනුමැතිය මත සියලුම කොවිඩ් - 19 වැලැක්වීමේ පියවරයන්ට අනුකූලව මෙම වැඩසටහන පවත්වන ලදි.