Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 12:13:33 Hours

ආචාර ධර්මිය ප්‍රථිවිග්‍රහය යන තේමාව යටතේ කිලිනොච්චියෙහි වැඩමුළු පවත්වයි

වර්ථමානයේ සිදුකරනු ලබන සමාජ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරිමේදී යුධ හමුදා සාමාජිකයින්ගේ කායික, මානසික සහ ශාරිරික ගැටළුකාරී තත්වයන් වෙත බෙහෙවින් මුහුණ දෙනු ලබන පෙනී යන බවත්, ඒ අනුව ඔවුනුගේ අවබෝධයන් වැඩිදියුණු කිරිම තුලින් ඉහත පීඩාකාරී තත්වයන්ගෙන් මුදවා ගැනීම අරමුණු කරගෙන මනෝවිද්‍යා අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි බලප්‍රදේශයේ රාජකාරි නියුතු යුධ හමුදා නිලධාරීන්/සෙසු නිලයින් මේ සබැදිව දැනුවත් කිරිමේ වැඩමුළුවක් 2021 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින තුල මෙම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ඒ අනුව ඉහත දක්වා ඇති දිනයන්හි ශීර්ෂගත මාතෘකාව යටතේ මනෝවිද්‍යා මෙහෙයුම් අධක්‍ෂක මණ්ඩලයේ උපදේශකයින් වන ලුතිතන් කර්නල් බීජීඑස් සමන්තී ජාශිබ, මේජර් ටීපීජීකේපී ද අල්විස් ආර්ඩබ්ලිව්පී විබ සහ මේජර් ඊඒඑස් චමින්ද ශ්‍රිලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුව පැවැත් වූ අතර, ඒ සදහා නිලධාරීන් 50ක් සහ සෙසුනිලයින් 150 දෙනෙකු සහභාගී විය.