Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th July 2018 07:18:22 Hours

ආගමික නායකයින් අතර, සුහද හමුවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ සංකල්පයකට අනුව එම බළප්‍රදේශයේ සියළුම ආගමික නායකයින් සමග සුහද හමුවක් 2018.07.04 වන දින 65 වන සේනාංක මූලස්ථානයේදි පවත්වන ලදි.

මෙම සුහද හමුව පැවැත්විමේ ප්‍රධාන අරමුණ වුයේ යුද්ධ හමුදාව සමග සුහදත්වය වර්ධනය කිරිම වන බැවින්, 65 වන සේනාංක බළප්‍රදේශයේ ආගමික නායකයින් 30 දෙනෙකු සහභාගිවු අතර, එම අවස්ථාවට බළසේනාධිපති වරුන් ඒකක අණදෙන නිළධාරින් සහ සිවිල් සම්බණ්ධිකරන නිළධාරින් ඇතුළු අනෙකුත් නිළධාරින් සහභාගිවන ලදි.