Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th October 2020 09:20:18 Hours

අඩු ආදායම්ලාභි පවුල් සදහා නව නිවාස පිරිනමයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ උපදෙස් පරිදි දිලිදු පවුල්වල ජිවන තත්වය ඉහල නංවාලිම සදහා පහසුකම් සැලසීම සහ රජයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය වැඩිදියුනු කිරිමේ අරමුණීන් අලුතින් ඉදිකරන ලද නිවාස 02 ක් 2020 සැප්තැම්බර් මස 27 වන දින නො: 49 මලයාලපුරම් කිළිනොචිචි පදිංචි සෙන්ගන්නන් රාජෙශ්වරි මහත්මියට සහ ආනවිලන්දාන්කුලම් අක්කරායන්කුලම් පදිංච් තිරැචෙල්වම් සුරේන්ද්‍රන් මහතාට ප්‍රධානය කිරිම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපතිගේ සහ මෙම නිවාස ඉදිකිරිම සදහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදුන් මොහාන් සංකර් මහතා සහ එම මහත්මිය මෙන්ම ආරක්‍ෂක සේනා මුලස්ථානය යාපනය ආඥාපති ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් දර්ශන හෙටිටිආරචිචි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙම නිවාස ඉදිකිරිම සදහා‍ අවශ්‍ය මුල්‍යාධාර මොහාන් සංකර් මහතා සහ එම මහත්මිය විසින් ලබා දුන් අතර 9 සහ 20 (සෙවි) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් නිවාස ඉදිකිරිම් කටයුතු සහ නිවසට අවශ්‍ය ගෘහ උපකරණ ලබාදීම සිදුකරන ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක ආර්ඩබ්ලිව්පි යුඑස්පි, 572 බළසේනාවේ බළසේනාධිපති, 652 බළසේනාවේ බළසේනාධිපති, 573 බළසේනාවේ බළසේනාධිපති, 9 සහ 20 (සෙවි) විජයබාහු පාබල රෙජිමේන්තුවල අණදෙන නිළධාරින් ඇතුලු නිළධාරින් සහ සෙසු නිළයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.