Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th February 2019 12:52:16 Hours

අඩු ආදයම්ලාභි පවුල් සහ දරුවන් සදහා පාසල් සපත්තු සහ මුළුතැන්ගේ උපකරණ 66 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් බෙදා දිම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 66 වන පාබල සේනාංක බලප්‍රදේශයේ ජිවත්වන ජනතාව සහ යුද්ධ හමුදාව අතර සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව එම බලප්‍රදේශයේ ජිවත් වන අඩු ආදයම්ලභි පවුල් සහ දරුවන් සදහා පාසල් සපත්තු යුගල් 600 සහ මුළුතැන්ගෙයි උපකරණ රැසක් 2019 පෙබරවාරි මස 16 වන දින ඔවුන් වෙත බෙදා දෙන ලදි.

මෙම අවස්ථාව සදහා ‘Foundation for hope of California’ පදනමේ අධ්‍යක්‍ෂක අරවින්ද විජේ මහතා විසින් අනුග්‍රහය දැක්වු අතර, 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ උපදෙස් මත 661, 663 වන බළසේනාංකය සහ 20 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව, 1 වන ගජබා රෙජිමේන්තුවේ සංවිධානයෙන් ශ්‍රි විග්නේෂ්වර විද්‍යාලය, පරන්තන් දමිල මාහා විද්‍යාලය, මුක්කප්පන් රජයේ දමිල මිශ්‍ර පාසල සහ ජයපුරම් මහා විද්‍යාල හතරේහි පාසල් ළමුන් සදහා එම ආධාර බෙදා දෙන ලදි.

මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වන ලදි. 661, 662 සහ 663 වන බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපතිවරුන්ද සහභිගි වු අතර, ‘Foundation for hope of California’ පදනම නියෝජනය කරමින් ගාමිණි වනසිංහ මහතා සහභාගි වු අතර, තවද ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, පාසල් ගුරුවරුන්, ආධාරකරුවන් සහ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.