Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th July 2019 13:25:52 Hours

අක්කරායන්කුලම් වැවට මිරිදිය මසුන් මුදා හරියි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ මඟ පෙන්වීම යටතේ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුලුවේ භඨ පිරිස්හි සහභාගිත්වයෙන් 2019 ජුනි මස 28 වන දින අක්කරායනකුලම් වැවට මිරිදිය මසුන් මුදා හැරිමේ වැඩසටහනක් දියත් කලහ.

ධීවරයින්ගේ ඉල්ලීම පරිදි ජාතික ජලජීවී වගා සංවර්ධණන අධිකාරිය (NAQDA) සමග එක්ව 652 බලසේනාවේ බලසේනාධිපති ජී පී කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුලුවේ භඨ පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාව සදහා 652 බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින්, සෙසුනිළයින් සහ ධීවරයින් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ.