Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st March 2020 09:08:34 Hours

අක්කරායන්කුලම් පිහිටි ඇමරිකානු ලංකා මිෂනාරි දේවස්ථානය ශ්‍රමදාන ව්‍යාපෘතියක් මඟින් පිරිසිදු කරයි

අක්කරායන්කුලම් පිහිටි ඇමරිකානු ලංකා මිෂනාරි දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් 2020 මාර්තු මස 13 වන දින ප්‍රදේශවාසීන් සමඟ එක්ව එම දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බණ්ඩාර ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබීය.