Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th December 2019 22:13:29 Hours

අක්කරායන් - තුනුක්කායි පාරෙහි බෝක්කුව පිලිසකර කිරිම

65 වන සේනාංකයේ සේනංකාධිපතිගේ මගපෙන්විම යටතේ 652 වන බලසේනාවේ අධික්‍ෂණය මත 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්ගේ සංවිධානයෙන් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව අක්කරායන් - තුනුක්කායි මාර්ගයේ හානි වූ බෝක්කුව 2019 දෙසැම්බර් මස 04 වන දින ප්‍රතිසංස්කරණය කරන ලදි.

මේ සඳහා මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තාක්‍ෂණික හා ද්‍රව්‍යමය සහාය ලබා දී ඇත. වැඩ ආරම්භ කරන අවස්ථාවේදි තුනුක්කයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහයෝගය දක්වන ලදී. මෙම අවස්ථාව සඳහා භට පිරිස්, ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සහ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 2 x 20, සිවිල් වැසියන් 30කු සහ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් 2කු සහභාගි වන ලදි.