Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th October 2018 20:15:09 Hours

9 වන ශ්‍රි ලංකා ඉංජිනේරු භඨපිරිස් වෙතින් ප්‍රජාසත්කාරයක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය බළප්‍රදේශයට අයත් මුරුක්කණ්ඩි ප්‍රදේශයේදි හෝමාගම සිට යාපනය දක්වා ධාවනය වු යාපනය විදුලි බළමණ්ඩලයට අයත් කන්ටේනර් බහාළුම් රථයක් 2018.10.04 වන දින උදෑසන ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අවහිර වන පරිදි පෙරලිගොස් ඇත.

එබැවින් ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අවහිරතාවයක් සිදුවු බැවින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය වෙතින් ලබාදුන් උපදෙස්වලට අනුව 9 වන ඉංජිනේරු රෙජමේන්තුවේ අණදෙන නිළධාරි විසින් ඒකකයේ භටපිරිස් සහභාගිකර AWL 33 දරණ වීල් ලෝඩර් යන්ත්‍රය යොදාගනිමින් පෙරලි තිබුන කන්ටේනර් බහාළුම් රථය මාර්ගයෙන් ඉවත්කර ගමනාගමනයට සුදුසු පරිදි මාර්ගයේ ඉඩ සලසා දෙන ලදි.