06th October 2018 20:15:09 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය බළප්රදේශයට අයත් මුරුක්කණ්ඩි ප්රදේශයේදි හෝමාගම සිට යාපනය දක්වා ධාවනය වු යාපනය විදුලි බළමණ්ඩලයට අයත් කන්ටේනර් බහාළුම් රථයක් 2018.10.04 වන දින උදෑසන ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අවහිර වන පරිදි පෙරලිගොස් ඇත.
එබැවින් ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අවහිරතාවයක් සිදුවු බැවින් ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය වෙතින් ලබාදුන් උපදෙස්වලට අනුව 9 වන ඉංජිනේරු රෙජමේන්තුවේ අණදෙන නිළධාරි විසින් ඒකකයේ භටපිරිස් සහභාගිකර AWL 33 දරණ වීල් ලෝඩර් යන්ත්රය යොදාගනිමින් පෙරලි තිබුන කන්ටේනර් බහාළුම් රථය මාර්ගයෙන් ඉවත්කර ගමනාගමනයට සුදුසු පරිදි මාර්ගයේ ඉඩ සලසා දෙන ලදි.