Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th January 2021 10:53:53 Hours

8 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ සංවත්සරයට සමගාමිව ඉරණමඩුහි පැළ සටවීමේ වැඩසටහනක්

ශ්‍රි ලංකාවේ වන සංරක්‍ෂණය හා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ පදනම මත ස්වාභාවික පරිසරය සුරකීමට හමුදාවේ දායකත්වය වැඩි කිරිම සදහා යුද්ධ හමුදාධිපතිගේ තුරුමිතුරු නව රටක් දර්ශනයට අනුව පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරිමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිථිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ මඟපෙන්විම මත 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 27 වන සංවත්සරය නිමිත්තෙන් ඇක්ශස් ඉංජිනියරින් ආයතනය සමග එක්ව 2021 ජනවාරි මස 01 වන දින ඉරණමඩු ජලාශය අවට ප්‍රදේශය ආවර්ණය වන පරිදි පැළ සිටවිමේ වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වැඩසටහනේදි මයිල, පැෂන්පුටි, දඔ, කජු, සියඔලා, කුඔුක්, අඔ, සහ තිඔිරි ඇතුලු දුර්ලබ පැල විශේෂ 7500 කට වැඩි ප්‍රමානයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි යටතේ පාලනය වන යුද්ධ හමුදා කදවුරු වෙත බෙදා දෙන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධනත්වයෙන් පැවැති මෙම වැඩසටහන සදහා 8 වන මධ්‍යම රෙජිමේන්තුව කලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් සංජිව ධර්මරත්නගේ ආරධනයෙන් මෙම අවස්තාවට පැමිනි සියලු ආරාධිතයින් මෙම අවස්ථාව සනිටුහන් වීම පිනිස ඉරණමඩු ජලාශය අවට පැළ සිටවීම සිදු කරන ලදි.

.

වර්තමාන සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව පැවැති මෙම වැඩසට සදහා සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ථ නිළධාරින්, අණදෙන නිළධාරින් සහ ඇක්ශස් ඉංජිනියරින් සමාගමේ නියෝජිතයින් සහභාගිවිය.