Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd February 2019 11:38:44 Hours

71 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වු පාපැදි සවාරිය කිලිනොච්චියට

ජිවිතයේ සුව විදින්න පාපැදි පදින්න යන තේමාව මුල්කර ගනිමින් 71 වන නිදහස් සංවත්සරයට සමගාමිව ටි.එච් පීරිස් මහතා සහ හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයින පුරා වෙරළ තීරය දිගේ පාපැදියෙන් ආරම්භ කරන ලදි.

ඒ අනුව ටී. එච්. පීරිස් මහතා සහ පාපැදි කණ්ඩායම 2019 ජනවාරි මස 30 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයට පැමිණි අතර ඔවුන් 65 වන සහ 66 වන සේනාංකවල භට පිරිස් විසින් පිලිගනු ලැබු අතර දිවා භෝජන සංග්‍රහයක් සහ තේ පැන් සංග්‍රහයක් එම සේනාංකවල භට පිරිස් විසින් ඔවුනට පිරිනමන ලදි. නැවත 31 වන දින පැමිනෙණ ගමනේදී 57 වන සේනාංකයේ භට පිරිස්ද ඔවුන්ට ආහාර පාන ලබා දෙන ලදි.