Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd April 2019 11:04:10 Hours

7 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ සංවිධානයෙන් කිලිනොච්චියේ පාපන්දු තරගාවලියක් පවත්වනු ලබයි.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණයෙන් 7 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ සංවිධානයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ දෙවැනි වරට පවත්වනු ලබන පාපන්දු තරගාවලියක් 2019 මාර්තු මස 28 වන දින ආරම්භ කරන ලදි.

මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය සදහා 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි වුහ. ඒ අනුව මෙම තරගාවලිය 2019 මාර්තු මස 28,29,30 සහ 31 වන දින පවත්වනු ලබන අතර, අවසාන මහා තරගාවලිය 2019 අප්‍රේල් මස 06 වන දින පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 35ක් සහභාගි වන අතර, මේ සදහා ශ්‍රි ලංකා මේබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඇතිව කිලිනොච්චිය මහදේව ආශ්‍රමයේ නිර්මාතෘ ටි. රාජනායගම් මහතා අනුස්මරණය කිරිම සදහා මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා 571 වන බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රි ලංකා මේබිටෙල් ආයතනයේ සුගත් අබේසිංහ සහ මහදේව ආශ්‍රමයේ සභාපති සහ පෙන්නම්බලන් නියානතන් මහතා, සහභාගි වන ලදි.