Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th October 2018 09:34:01 Hours

69 සංවත්සරය සහ යුධ හමුදා දිනය වෙනුවෙන් සෙත් පැතිමේ වැඩසටහන් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) ආඥාපතිගේ උපදෙස්වලව අනුව ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති යුධ හමුදා 69 වන සංවත්රය සහ යුධ හමුදා දිනයට සමගාමිව 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් 2018.10.06 වන දින මාන්කුලම් ශ්‍රි සුගත විහාරස්ථානයේදි ධජයන්ට සෙත්පැතිමේ ආගමික වතාවත් සිදුකරන ලදි.

තවද 651 බළසේනාව යටතේ රාජකාරි නියුතු 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් යුධ හමුදා 69 වන සංවත්සරයට සමගාමිව මුලංකාවිල් පුල්ලෙයාර් කෝවිල තුලදි ආශිර්වාද පුජාවක් පැවැත්වු අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාවද සහභාගිවිය.