Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th October 2018 09:12:24 Hours

69 සංවත්සරය සහ යුධ හමුදා දිනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) ආඥාපතිගේ උපදෙස්වලව අනුව ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති යුධ හමුදා 69 වන සංවත්රය සහ යුධ හමුදා දිනයට සමගාමිව 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ අධික්‍ෂණය මත 2018.10.06 වන දින 65 වන සේනාංක බළප්‍රද්ශයේ ප්‍රසත්කාර වැඩ සිදුකරන ලදි.

එබැවින් 651 බළසේනාව යටතේ රාජකාරි නියුතු 19 වන පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් යුධ හමුදා 69 වන සංවත්සරයට සමගාමිව කල්විලාන් අරුවි පෙර පාසල් භූමිය සිවල් ජනතාව සමග එක්වි සුද්ධ පවිත්‍ර කල අතර, 652 බළසේනාව යටතේ රාජකාරි නියුතු 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසල් භුමිය සුද්ධ පවිත්‍ර කරන ලදි.