Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th October 2018 09:15:44 Hours

69 සංවත්සරය සහ යුධ හමුදා දිනය වෙනුවෙන් 66 සේනාංකය වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස්වලවට අනුව ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති යුධ හමුදා 69 වන සංවත්රය සහ යුධ හමුදා දිනයට සමගාමිව 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධික්‍ෂණය මත 2018.10.02 වන දින සිට 2018.10.06 වන දින දක්වා එම බළප්‍රදේශය තුල ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක් සිදුකරන ලදි.

එබැවින් 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ඥානිමඩම් රජයේ දමිළ මිශ්‍ර පාසල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිම, අරසපුරකුලම් පෙර පාසල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිම, පල්ලිකුඩා සුන්නාවේලි විද්‍යාලය සුද්ධ පවිත්‍ර කිරිම, 5 (සෙව්) යාන්ත්‍රක පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සෙම්මංගුන්ඩු විද්‍යාලය හා අවට පිරිසිදු කිරිම, තෙලිගරෙ පෙර පාසල හා සෙම්මංගුන්ඩු ක්‍රිස්තියානි පල්ලිය අවට සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.

තවද 662 වන බළසේනාංකය වෙතින් කුමාරපුරම් අයුර්වේද රෝහල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිම, 20 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සින්නපල්ලවරයාන්කට්ටු වාරි ඇල මාර්ගය සුද්ධ පවිත්‍ර කිරිම, 1 වන ගජබා රෙජිමේතුවේ භඨ පිරිස් විසින් කුමාරපුරම් ග්‍රාමයේ පදිංචි වයෝවෘද්ධව ඇති කාන්තාවන්ගේ නිවාස පිළිසකර කර දිම, 15 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා භඨ පිරිස් විසින් වේරවිල් රෝහල සහ වේරවිල් පාසල් භුමිය සුද්ධ පවිත්‍ර කිරිම, 2 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් වන්නේරිකුලම් වැඩිහිටි නිවාසය අසල සුද්ධ පවිත්‍ර කිරිම හා වැඩිහිටි නිවාසයේ අයවළුන් සඳහා කැම පාර්සල් ලබාදිම සිදුකරනු ලැබිය.