02nd December 2019 12:08:00 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර ආර්එස්පී අධීක්ෂණය යටතේ 66 වන සේනාංක මූලස්ථාන බළප්රදේශයේ කරච්චි සහ පුනරීන් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වන්නේරිකුලම්, ජයපුරම්, වේරාවිල් සහ වලෙයිපාඩු යන ග්රාමයන්හි ජීවත්වන දිළිදු පවුල් 10ක් සදහා සූර්ය බළශක්ති පැනල් බෙදාදීමේ වැඩසටහනක් වේරාවිල් සිවිල් කටයුතු කාර්යාලයේදී 2019 නොවැම්බර් මස 21 වන දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා 663 වන බලසේනාවේ බළසේනාධිපති කර්නල් සුබාෂන් ලියනගම ජෙෂ්ඨ නිලධාරීතුමන්, ආගමික නායිකයින්, පාසල් විදුහල්පතිවරුන් සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම වැඩසටහන 15 ශ්රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 2 වන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් සංවිධානය කරන ලදී.
මෙහිදී ප්රතිලාභ ලැබූ පවුල්වල සාමාජිකයින් විසින් යුධ හමුදාව කල මෙම මහගු ක්රියාව මිල කල නොහැකි ක්රියාවක් බවත්, එය උතුර සහ දකුණ අතර මිත්රත්වය වැඩිදියුණු කිරිමට මහගු පිටුවහලක් වනු ඇතැයි ඔවුන් විසින් ප්රකාශ කර සිටියේය. තවද යුධ හමුදාව වෙත ඔවුන්ගේ කෘතඥතාවය පලකර සිටියේය.