Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th June 2018 09:40:29 Hours

661 වන බළසේනාංකයේ සෙබලුන් විසින් පාසල් ළමුන් සදහා පාසැල් උපකරණ බෙදාදීම

66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ මගපෙන්විම මත 661 වන බළසේනාංකයේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධනගේ අධික්ෂණය යටතේ පූජ්‍ය මහරගම සිරිවන්ත ස්වාමීන් වහන්සේ විසින් සපයන ලද පාසැල් උපකරණ තොගයක් ගෞතාරමූ‍ණේ කිලිනොච්චි විනයාසයෝඩෛ පාසලේ පාසල් දරුවන් අතර බෙදාදිමේ උත්සවයක් 2018.05.31 වන දින පවත්වන ලදි.

කිලිනොච්චි විනයාසයෝඩෛ පාසලේ පාසල් ළමුන් 121 දෙනකු වෙත අභ්‍යාස පොත්, ඇඳුම්, ජල බෝතල් හා අනෙකුත් අත්‍යවශය ලිපි ද්‍රවය තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකිරිම සදහා මෙහිදි ප්‍රධානය කරන ලදි.

66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

15 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබු අතර, මෙම අවස්ථාවට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින්, ගුරුභවතුන් සහ දෙමාපියන් සහභාගී වන ලදි.