Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 18:02:03 Hours

661 වන බලසේනාංකය විසින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වයි

66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩි විජේසුන්දර ආර්එස්පි ගේ උපදෙස් මත 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ගේ අධික්‍ෂණයෙන් 661 වන බලසේනාංකය සහ 24 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සහය ඇතිව සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන යාමට සුදුසු පරිසරයක් සාදා දිම සඳහා 2020 ජනවාරි මස 15 වන දින විග්නේෂ්වරම් දෙමළ මිශ්‍ර පාසල නාලන්කට්ටි පූනරින් හි ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදී.

විග්නේෂ්වරම් දෙමළ මිශ්‍ර පාසලෙහි විදුහල්පති තුමා විසින් කරන ලදි ඉල්ලිමකට අනුව මෙම වැඩසටහන පවත්වන ලද අතර, පාසැල් පරිශ්‍රය පිරිසිදු කිරීම පිළිබඳව විදුහල්පති, සියලුම ගුරුවරුන් සහ සිසුන් යුද හමුදාව වෙත සිය කෘත්‍යතාවය පල කල කරන ලදි.