Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 15:07:28 Hours

661 පාබල බලසේනාව විසින් පුනරීන් ප්‍රදේශයේ අ.පො.ස සා.පෙල සිසුන් සදහා උපදේශන වැඩමුළුවක් සංවිධානය කරයි

66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 661 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 5 වන ස්වෙච්ඡා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම උපදේශන වැඩමුළුවට සිසුන් 44 දෙනෙකු සහභාගී විය. 2020 දී අ.පො.ස, සාමාන්‍ය පෙල සදහා සහභාගීවන සිසුන් සදහා මෙම උපදේශන වැඩමුළුව 2020 සැප්තැම්බර් මස 04 වන දින පවත්වන ලදී.

පුනරීන් නාලන්කට්ටි ප්‍රදේශයේ පිහිටි විග්නේශ්වර දෙමළ මිශ්‍ර පාසලේදී වැඩමුළුව පැවැත්වූ අතර, මාකීපන් මහතා, ගිල්බර්ඩ් වැන්සලින් මහත්මිය, එස්. ශාන්තකලා මහත්මිය සහ ආර්. කේතුජා මහත්මිය යන උපදේශක මඩුල්ල විසින් වැඩමුළුව පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ පරමාර්ථය වූයේ අ.පො.ස පෙල සදහා සහභාගී වන සිසුන් සදහා මනා දැනුමක් ලබාදීමයි. මෙහිදී සියළුම ගුරුවරුන් සහ පාසල් සිසුන් විසින් යුධ හමුදාව වෙත ඔවුන්ගේ ස්තුතිය පුද කරන ලදී.