Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th April 2018 16:22:49 Hours

66 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යාමේ අවස්ථාව

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සිය ධුරයෙන් 2018.04.10 වන දින නික්ම යන ලදි.

නික්ම යන සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව 5 වන (සෙවි) යාන්ත්‍රික පාබළ ඒකකයේ භඨපිරි විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, සම්මාන ආචාර පෙළපාලියක් 20 වන ශ්‍රි ලංකා පාබළ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 66 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයේදි පිරිනමන ලදි.

මෙහිදි සේනාංකාධිපති විසින් භඨපිරිස් ඇමතිමෙන් පසු සියළු නිළයින් සමග තේ පැන් සංග්‍රහයටද සහභාගිවි රාත්‍රි නිළධාරි නිවස්නයේදි භෝජන සංග්‍රහයක්ද පවත්වන අතර මෙම අවස්ථාවේදි සේනාංකාධිපතිගේ සේවය ඇගයිමක් වශයෙන් සේනාංකාධිපති වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදි.

එම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු බළසේනාධිපතිවරුන්, මාණ්ඩළික නිළධාරින්, ඒකක අණදෙන නිළධාරින් සහ අනෙකුත් නිළධාරින් සහභාගිවන ලදි.