Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd October 2018 21:49:24 Hours

66 වන සේනාංකයේ නවතමයෙන් ඉදිකරණ ලද දේශණශාලාව සහ සේනංකාධිපති ආරක්ෂයක මුරය සදහා වු භඨ නිවාසය විවෘත කිරිම

66 වන සේනාංකයේ දිර්ඝකාලිනව අඩුපාඩුවක් පැවැති දේශණශාලාව සහ සේනාංකාධිපති ආරක්ෂ ක මුරය සදහා වු භඨ නිවාසය 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලකගේ මග පෙන්විම හා උපදෙස් අනුව ඉදිකරන ලද දේශණ ශාලාව සහ ආරක්ෂික මුර භඨ නිවාසය 2018 සැප්තැම්බර් මස 27 වන දින සියළු විවෘත්‍ර කරන ලදි.

නව දේශණ ශාලාවේ බහුමාධ්‍ය යන්ත්‍ර, ශබ්දවිකාශණ යන්ත්‍ර, වේදිකා ආලෝකකරණ පද්ධතියකින් සහ ආසන 300 කින් සමන්විත වන අතර, 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ තාක්‍ෂණික දැනුම උපයෝගි කරගනිමින් මෙම ඉදිකිරිම් සිදුකරන ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක සහභාගිවු අතර, 66 සේනාංකයේ සියළුම නිලධාරින්, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගිවන ලදි.