Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th April 2018 16:32:29 Hours

66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ධුරයෙහි රාජකාරි භාරගැනිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක 2018.04.11 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව 5 වන (සෙවි) යාන්ත්‍රික පාබළ ඒකකයේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, සම්මාන ආචාර පෙළපාලිය 20 වන ශ්‍රි ලංකා පාබළ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පිරිනමන ලදි.

66 වන සේනාංක මුලස්ථාන කාර්යාල පරිශ්‍රයේදි සේනාංකාධිපති තුමන් පොල්තෙල් පහන දල්වා මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායනා ආශිර්වාද මධ්‍යයේ ලිපි ලේඛණ වලට අත්සන් තබා නිළ වශයෙන් ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

සේනාංකාධිපති විසින් ධුරයේ රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම සඳහා කාර්යාල පරිශ්‍රයේදි අඹ පැළයක් රෝපණය කිරිමෙන් පසුව භඨපිරිස් ඇමතිමද සිදු කරන ලදි.

එම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු බළසේනාධිපති වරුන්, මාණ්ඩලික නිළධාරින්, ඒකක අණදෙන නිළධාරින් සහ නිළධාරින්/ සෙසු නිළයන් සහභාගිවන ලදි.