Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th October 2018 08:57:50 Hours

66 වන සේනාංකයේ දී රංගන සහ කැලිප්සෝ ගායන තරඟාවලියක්

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ගේ සංකල්පයකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රංගන සහ කැලිප්සෝ ගායන හැකියාවන් වර්ධනය කරමින් බ්‍රහස්පතින්දා (04) දින මෙම තරඟාවලිය පවත්වනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා 66 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි කැලිප්සෝ සංගීත කණ්ඩායම් 5 ක් සහභාගි වූ අතර හොඳම කැලිප්සෝ සංගීත කණ්ඩායම ලෙස 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම තේරිපත් විය.

රංගන තරඟාවලිය දී 66 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි රංගන කණ්ඩායම් සමාජ ගැටළු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, රිය අනතුරු, සමාජ මාධ්‍ය ජාලා සහ එහි බලපෑම් යන තේමාවන් ඔස්සේ කෙටි නාට්‍ය රඟ දක්වනු ලැබීය.

තරඟාවලිය යුද්ධ හමුදා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් විසින් විනිශ්චය කරනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගි වූ අතර 661 සහ 662 වන බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.