Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:13:50 Hours

66 වන සේනාංකය සංවිධානයෙන් පුනරින්හිදි පොසොන් දන්සලක්

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි ගේ මග පෙන්විම මත 66 වන සේනාංකයේ සහයෝගයෙන් මෙවර පොසෙන් උත්සවයට සමගාමිව දන්සලක් සහ පහන්කුඩු ප්‍රදර්ශණයක් 2019 ජුනි මස 17 වන දින පුනරින් හන්දියේදි පවත්වන ලදී.

මෙම අවස්ථාවේදි සිවිල් වැසියන් 600 ක් පමණ පාන් සමග සිනිසම්බල් භුක්ති විඳින ලදි. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 661 පාබල බලසේනාංකයේ බලසේනාධිපති සහභාගි වු අතර, නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වන ලදි.