Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th February 2019 12:46:55 Hours

66 වන සේනාංකය විසින් ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කරයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ ඉල්ලිමකට අනුව 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ අධික්‍ෂණයෙන් 66 වන සේනාංකයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් ලේ දන්දිමේ වැඩසටහනක් 2019 පෙබරවාරි මස 15 වන දින සිදුකරන ලදි.

කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය එච් එම් ඩි ආර් බි හිදගොඩ මහතා සහ එහි කාරය මණ්ඩලය විසින් ලේ දන්දිමේ වැඩසටහන සිදු කල අතර, කිලිනොච්චියේ රෝගීන් සදහා රුධිරය පරිත්‍යාග කිරීමට හමුදා භට පිරිස් 70 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගිවන ලදි.