Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th October 2019 16:30:47 Hours

66 වන සේනාංකය විසින් දෙමල පාඨමාලාවක් ආරම්භ කරයි

66 වන පාබල සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි ගේ මගපෙන්විම මත හමුදා සෙබළුන් අතර දෙමළ භාෂාව ඉහළ නැංවීමේ අරමුණු කරගනිමින් මූලික දෙමළ භාෂා පාඨමාලාවක් ඔක්තෝම්බර් මස 21 වන දින ආරම්භ කරන ලදි.

දින 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා බලඇණි වලින් සිසුන් 20 දෙනෙකු බඳවා ගන්නා ලදී.පාඨමාලාවේ සමාරම්භක දේශණය අරසුපුරකුලම් පුහුණු පාසලේදී පැවැත්වූ අතර, 66 වන පාබල සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි. මෙය සිසුන්ට සහ සිවිල් වැසැයන් සමග සබඳතාවය වැඩිදියුණු කර ගැනිමට මහත් ලෙස උපකාරී වනු ඇත.