Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th May 2021 08:47:14 Hours

66 වන සේනාංකය විසින් අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු බෙදා දෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ උපදෙස් පරිදි 66 වන සේනාංක බල ප්‍රදේශයට අයත් අඩු ආදායම්ලාභී පවුල් 100ක් සදහා ඇසුරුම් කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් බෙදාදීමේ වැඩසටහනක් 2021 අප්‍රේල් මස 09 වන දින පවත්වන ලදී.මෙම වැඩසටහන සිංහල හින්දු අවුරුදු උදාව නිමිති කොට ගෙන පැවැත් වූ අතර, නාගතන්තුරෙයි, මුක්කම්පොන්, කිරාන්චි සහ වල්ලෙයිපාඩු යන ප්‍රදේශවල අඩු ආදායම් පවුල් සදහා මෙම භාණ්ඩ බෙදා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා 66 වන සේනාංකාධිපතිතුමන් සහ සේනාංකයට අයත් බළසේනාවන්හි බළසේනාකාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීවරුන්/නිලධාරීන් සහ සෙසු නිලයින් සක්‍රීයව දායකත්වය ලබා දෙන ලදී.

බෙදා දෙන ලද භාණ්ඩ සදහා අනුග්‍රහය ලබා දෙනු ලැබුවේ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක 662,663 බළසේනාවන්හි බළසේනාධිපතිවරුන් සහ 24 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව අණදෙන නිලධාරින් විසින්ය.

එක් පවුලක් සදහා රුපියල් 7200.00ක් වටිනා බඩු මල්ලක් ලබා දුන් අතර, රතු සහල් 5 කි.ග්‍රෑ, පිටි 5 කි.ග්‍රෑ, පරිප්පු 2 කි. ග්‍රෑ, තේ කොල 1 කි.ග්‍රෑ, කිරිපිටි 1 කි.ග්‍රෑ, ලොකු සැමන් 01, කවුපි 01 කි.ග්‍රෑ, මුං ඇට 02 කි.ග්‍රෑ සෝයා මීට් 01 කි.ග්‍රෑ සහ සීනි 02 කි.ග්‍රෑ බෙදා දෙනු ලැබූහ.