Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th December 2018 10:53:45 Hours

66 වන සේනාංක මූලස්ථානයේ 9 වන සංවත්සරය සැමරිම

66 වන සේනාංකයේ 9 වන සංවත්සරය නිමිතිකර ගනිමින් එම සේනාංකයේ උත්සව මාලාවක් 2018 දෙසැම්බර් මස 10 වන දින සේනාංකාධිපතිගේ මගපෙන්විම මත නිළධාරින් සහ සෙසු නිළයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

09 වන සංවත්සරය නිමිත්තෙන් 08 වන දින 66 වන සේනාංකයේ රාජකාරි නියුතු අංශ ආයතනයන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වු අතර, සංවත්සරට පෙර දින පුනරීන් විහාරස්ථානයේ බෝධි පුජා පිංකමක් පවත්වා යුධ සමයේ ජීවිත කැප කල රණවිරුවන් සිහිපත්කර පිං පැමිණවීමත් මෙහිදී සිදු කරන ලදී. තවද නිළධාරින් 08 දෙනෙකු සහ සෙසුනිළයින් 152 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සේනාංකාධිපතිතුමන් හට කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පවත්වන ලදී. මේ සදහා 15 ශ්‍රිලංකාහ, 1 ගරෙ, 20 ශ්‍රිලපාහ, 24 විපාරෙ, 5 ශ්‍රියාපාබ සහ 2 ශ්‍රිලංජාඅබමු ඒකකයන්හි රාජකාරි නියුතු නිළධාරි/සෙසුනිළයින් සහභාගි වන ලදි.

තවද 9 වන සංවත්සරය සිහිවීම පිණිස රුක් රෝපණයක්ද සිදු කර සියලුම නිළධාරි/සෙසු නිළයින් සදහා තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජණ සංග්‍රහයක් පැවැත්වු අතර, එදින සන්ධ්‍යාවේ සංගිත ප්‍රසංගයක්ද පවත්වන ලදි.