Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd January 2021 11:00:32 Hours

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය ධූර කාලය අවසන්කර නික්ම යයි

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු 2021 ජනවාරි 14 වන දින සේනාංක පරිශ්‍රයේදී (පූනරින්) හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්වූ උත්සවයකින් සමුගැනිම සිදු කරන ලදී.

සමුගැනිම සනිටුහන් කිරිම සදහා යුධ හමුදා සම්ප්‍රධායට අනුව සේනාංකාධිපතිතුමන් වෙත සම්මාන මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් ආචාරය පුද කරන ලදී. අනතුරුව සේනාංකාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදී. පසුව සේනාංකාධිපතිතුමන් 66 පාබල සේනාංකයේ භට පිරිස් ඇමතීමටද අමතක නොකලහ. එහිදී සේනාංකාධිපතිතුමන් තම ධුරකාලය තුල තමා වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව සියලු දෙනාටම ස්තූතිය පුද කළේය. නික්ම යන සේනාංකාධිපතිතුමන් විසින් 66 පාබල සේනාංකය තුල නවතමයෙන් ඉදිකරනු ලැබූ මුරහලක් සහ අලිමංකඩ ගාමිණි කුලරත්න ස්මාරකය ඉදිරිපිට පිහිටි ආපනශාලාවද නවීකරනය කර සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් විසින් විවෘත කරන ලදී.

සේනාංකාධිපතිතුමන්ගේ සමුගැනීම වෙනුවෙන් පැවති රාත්‍රි භෝජන සංග්‍රයේදී සමරු තිළිණයක් පිරිනැමිමද සිදු කරන ලදී. මේ සදහා බළසේනාධිපතිවරුන් සහ 66 පාබල සේනාංකයේ නිලධාරීන් සහභාගී වන ලදී.