Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2021 10:24:14 Hours

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 662 බළසේනාංකයේ නිළ සංචාරයක

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක 2021 පෙබරවාරි මස 01 වන දින 662 වන පාබල බළසේනා‍වේ සහ යටතේ ඇති ඒකක වන 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාව, 20 (සෙවි) විජයබාහු පාබල රෙජිමෙින්තුව වෙත නිළ සංචාරය සිදු කරන ලදි. 662 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ විසින් සේනාංකාධිපතිව උනුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා චාරිත්‍රානුකූලව 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් කදවුරු සම්මාන මුරයේ ආචාරය පුදකරන ලදි. පසුව බළසේනාධිපති සහ අණදෙන නිළධාරින් විසින් ඔවුන්ගේ ඉදිරි මෙහෙයුම් සහ භඨපිරිස්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දළ සැලසුම් මගින් විස්තර කරන ලදි.

මෙම සංචාරයෙදි භඨ පිරිස් ඇමතීමද සිදුකල සේනාංකාධිපති මෙම සංචාරය සංකේතවත් කිරිම සදහා පැළයක් රෝපනය කිරිමද සිදු කල අතර මෙම සංචාරය සනිටුහන් කිරිම සදහා සේනාංකාධිපති විසින් සමරු පොතෙහි සටහනක් තැබීමෙන් අනතුරුව බළඇණි තුල සංචාරය සිදු කරන ලදි.