Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th February 2021 15:19:07 Hours

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 661 බළසේනාංකයේ නිළ සංචාරයක

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක 2021 පෙබරවාරි මස 03 වන දින 661 වන පාබල බළසේනා‍වේ සහ යටතේ ඇති ඒකක වන 24 වන විජයබාහු පාබල රෙජිමෙින්තුව, 5 (සෙවි) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය නිළ සංචාරය සිදු කරන ලදි. 661 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ විසින් සේනාංකාධිපතිව උනුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා චාරිත්‍රානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරය පුදකරන ලදි. ඉන්පසු සේනාංකාධිපති විසින් අලුතින් ඉදිකරන ලද ජල පිරිපහදුව විවෟත කිරිමෙන් පසුව බළසේනාධිපති සහ අණදෙන නිළධාරින් විසින් ඔවුන්ගේ ඉදිරි මෙහෙයුම් සහ භඨපිරිස්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දළ සැලසුම් මගින් සේනාංකාධිපතිට විස්තර කරන ලදි.

මෙම සංචාරයෙදි භඨ පිරිස් ඇමතීමද සිදුකල සේනාංකාධිපති මෙම සංචාරය සංකේතවත් කිරිම සදහා පැළයක් රෝපනය කිරිමද සිදු කල අතර අනතුරුව බළඇණි තුල සංචාරය සිදු කරන ලදි. මෙම සංචාරය සනිටුහන් කිරිම සදහා සේනාංකාධිපති විසින් සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු කරන ලදි.