Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2021 09:31:46 Hours

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරයක

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු 2020 දෙසැම්බර් මස 08 වන දින 66 වන පාබල සේනාංකයට නවතමයෙන් එක් වු 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තු බල ප්‍රදේශයේ සංචාරයක නිරතවිය යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් අනුව වර්ග අඩි 187 ක භුමි ප්‍රදේශයක් 66 වන පාබල සේනාංකය වෙත අලුතින් එක්විය.

20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් එස්ජෙජිඒඑම් සුභසිංහ ආර්එස්පි විසින් සේනාංකාධිපති තුමන් ඉතා උනුසුම්ව පිළිගැනිමෙන් අනතුරැව කදවුරැ සම්මාන මුරයේ ආචාරයද සේනාංකාධිපති වෙත පුදකරන ලදි. මෙහිදි සේනාංකාධිපති තුමා විසින් භඨපිරිස් ඇමතීමද සිදු කෙරුනි.

මෙම අවස්ථාව සදහා 662 වන පාබල බළසේනාංකයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් පිආර් පතිරවිතාන පිඑස්සි සහ 66 වන පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධිකරණ කර්නල් ජිබිඩබ්ලිව්එම්ආර්කේආර් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි සහභාගිවිය.