Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th April 2021 10:56:20 Hours

66 වන පාබල සේනාංකයේ රෙජිමේන්තු සැරයන් මේජර් හට නවතමයෙන් නිවහනක්

66 වන පාබල සේනාංකයේ රෙජිමේන්තු සැරයන් මේජර් හට නිවහනක් සදා විවෟත කිරිම 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ සුරතින් 2021 අප්‍රේල් මස 05 වන දින සිදු කරන ලදි.

සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 2021 ජනවාරි මස 25 වන දින ඉදිකිරිම් ආරම්භ කරන ලද මෙම නිවහනෙහි ඉදිකිරිම් මාස තුනක් වැනි කෙටි කාලයකින් නිම කිරිමට 66 පාබල සේනාංකයේ සියලු භඨපිරිස් ගේ සහයෝගයෙන් සිදුවිය.මෙම අවස්ථාව සදහා බළසේනාධිපති වරුන්, 66 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිළධාරින්, අණදෙන නිළධාරින් සහ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ සාමාජිකයින් සහභාගිවිය.