Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd January 2021 11:12:10 Hours

66 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වැඩ භාරගනී

66 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩීඑම්ඒපී දිසානායක ආර්එස්පී යූඑස්පී 2021 ජනවාරි මස 16 වන දින සිය දුරයෙහි වැඩ භාරගන්නා ලදී.

66 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වෙනුවෙන් යුධ හමුදා චාරිත්‍රානුකූලව සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පවත්වන ලදී. පසුව සේනාංකාධිපතිතුමන් විසින් සිය කාර්යාලය තුලදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය රාජකාරි අරබමින් නිල ලේඛනයෙහි අත්සන තැබුවේය. අනතුරුව රාජකාරි ඇරබීම සනිටුහන් කිරිම සදහා කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිම සිදු කරන ලදී. ඉන් පසුව සේනාංකාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය.

මෙම අවස්ථාව සදහා බළසේනාධිපතිවරුන් සහ 66 වන පාබල සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.