Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th January 2021 12:23:08 Hours

66 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති 663 බළසේනාංකයේ නිළ සංචාරයක

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක 2021 ජනවාරි මස 22 වන දින 663 වන පාබල බළසේනා‍වේ සහ යටතේ ඇති ඒකක වන 11 (සෙවි) ගජබා රෙජිමෙින්තුව, 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙත සිය ප්‍රථම නිළ සංචාරය සිදු කරන ලදි. 663 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සුභෂන් ලියනගම විසින් සේනාංකාධිපතිව උනුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා චාරිත්‍රානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරය පුදකරන ලදි. පසුව බළසේනාධිපති සහ අණදෙන නිළධාරින් විසින් ඔවුන්ගේ ඉදිරි මෙහෙයුම් සහ භඨපිරිස්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දළ සැලසුම් මගින් විස්තර කරන ලදි.

මෙම සංචාරයෙදි භඨ පිරිස් ඇමතීමද සිදුකල සේනාංකාධිපති මෙම සංචාරය සංකේතවත් කිරිම සදහා පැළයක් රෝපනය කිරිමද සිදු කල අතර මෙම සංචාරය සනිටුහන් කිරිම සදහා සේනාංකාධිපති විසින් සමරු පොතෙහි සටහනක් තැබීමද සිදුවිය.