Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2021 10:19:09 Hours

66 වන පාබල සේනාංකය අභිමානවත් 11 වන සංවත්සරය සමරයි

66 වන පාබල සේනාංකයේ 11 වන සංවත්සරය සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 10 වන දින සේනාංක පරිශයේදි සිදුකරන ලදි. 2008 නොවැම්බර් මස 15 වන දින මානුෂිය මෙහෙයුමේදී උපාය මාර්ගිකව වැදගත් වු නගරයක් 58 වන සේනාංකය විසින් අල්ලා ගත් පසු 66 සේනාංකය ට්‍රාන්ස්පෝර්ට් 6 ලෙසත් 2009 දෙසැම්බර් 10 වන දින 66 වන පාබල සේනාංකය ලෙසත් නම් කරන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කිරිම සදහා සේනාංකාධිපති විසින් පැලයක් රෝපනය කිරිම, භඨපිරිස් ඇමතීම සහ සියළු නිළ තේ පැන් සංග්‍රහයක් මෙන්ම දිවා ආහාරය ඇතුලු වැඩසටහන් සිදු කෙරැණි.